රජයේ “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති රැසක් මේ වන විට ආරම්භ කර ඇත. ඒ අනුව, ලක්ෂ 10ක නිවාස ආධාර වැඩසටහන යටතේ දිවයින පුරා නිවාස 9,700ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මීට අමතරව, උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් නැවත පදිංචි කිරීමේ අංශය හරහා ලක්ෂ 20ක වටිනාකමකින් යුත් නිවාස 2,500ක් ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පසුගියදා මුලතිව් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී මුලතිව් හිදාපුරම් සහ වට්ටාපලෛයි ගම්මානයන්හි ඉදිකළ නිවාස කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බී තිලකනාදන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version