චීනයට එරෙහිව බටහිර රටවල් සහ ‘ෆයිව් අයිස්’ (Five Eyes) සන්ධානය විසින් එල්ල කර ඇති ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙන් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සිය දැඩි විරෝධය පළ කර තිබේ. බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යාංශ ප්‍රකාශක චෙන් ෂී මහතා සඳහන් කළේ, මෙය ද්වේෂසහගත අරමුණු සහිතව ගොතන ලද අසත්‍ය ප්‍රචාරයක් බවයි.

රජයේ සේවකයන් බඳවා ගැනීමට චීන බුද්ධි අංශ අන්තර්ජාල වේදිකා භාවිත කරන බවට සහ තොරතුරු රැස් කිරීම සඳහා ඩොමේන් 13ක් යොදාගත් බවට එල්ල වන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙවැනි චෝදනා සඳහා කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දැක්වූ චෙන් ෂී මහතා, මෙම ක්‍රියාවලිය ‘හොරා හොරා කියන හොරා’ යන ආප්තෝපදේශයට සමාන බව පෙන්වා දුන්නේය. සැබැවින්ම ලොව පුරා ඔත්තු බැලීම් සහ බුද්ධි තොරතුරු සොරකම් කිරීමේ නිරතව සිටින්නේ ‘ෆයිව් අයිස්’ සන්ධානය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සීතල යුද්ධ මානසිකත්වයෙන් මිදී, චීනය සම්බන්ධයෙන් වඩාත් සාධාරණ සහ වාස්තවික ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version