වර්තමාන තරුණ පරපුර අතර බහුලව දක්නට ලැබෙන අක්‍රිය ජීවන රටාව හේතුවෙන් ‘ගැඹුරු නහර රුධිර කැටි ගැසීම’ හෙවත් Deep Vein Thrombosis (DVT) තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් මතුව තිබේ. වෛද්‍ය විශේෂඥයින් මෙම රෝගී තත්ත්වය හඳුන්වන්නේ හදිසියේම මාරාන්තික විය හැකි ‘නිහඬ ඝාතකයෙකු’ ලෙසිනි.
පරිගණක ආශ්‍රිත රැකියාවල නිරත වීම, දිගු වේලාවක් එකම ඉරියව්වකින් වාඩි වී සිටීම සහ ශාරීරික ව්‍යායාමවලින් ඈත් වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම තරුණ පරම්පරාව ක්‍රීඩා සහ එළිමහන් ක්‍රියාකාරකම්වලින් ඈත්වීම මෙම අවදානම තවත් උග්‍ර කර ඇත.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ, බොහෝ තරුණයින් ඉතා අඩු ශාරීරික චලනයකින් යුත් ජීවන රටාවකට හුරුවීම බරපතල ගැටලුවක් බවයි. ශල්‍යකර්මයකින් පසු හෝ රිය අනතුරකින් පසු දිගු කාලයක් ඇඳ විවේක ගැනීම වැනි තත්ත්වයන් ද මෙම රෝගී තත්ත්වයට මග පාදයි.
මෙම රෝගී තත්ත්වය වළක්වා ගැනීම සඳහා සරල නමුත් වැදගත් පියවර කිහිපයක් අනුගමනය කළ හැකි බව වෛද්‍යවරුන් අවධාරණය කරයි. නිතිපතා කෙටි ඇවිදීම, ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීම සහ දිගු වේලාවක් එකම තැන වාඩි වී සිටීමෙන් වැළකී ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම මගින් මෙම අවදානම අවම කරගත හැකිය.
