යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී අද (18) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පාසල් ගුරුවරියක් මියගොස් ඇතැයි මැදවච්චිය සහ පූනෑව පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මහනුවර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී ඇත. එම යතුරුපැදියේ ගමන් ගත් ගුරුවරිය බස් රථයේ පසුපස රෝදයට යටවීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව තිබේ.

මියගිය කාන්තාව පූනෑව ගල්කන්දේගම විද්‍යාලයේ සේවය කළ 56 හැවිරිදි ගුරුවරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය ගුරුවරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

පූනෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version