දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් පිරිසක් සඳහා ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ජනාධිපති අරමුදල් ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබුණු අයදුම්පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරාගත් සිසුන් 14 දෙනෙකු වෙත මෙම පරිගණක උපකරණ ප්‍රදානය කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල මගින් රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර ඇත.

නවීන තාක්ෂණික පහසුකම් ලබාදීම මගින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට රජය දක්වන සහයෝගයක් ලෙස මෙය සැලකේ.

පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් විශ්වවිද්‍යාල සිසුන් 30 දෙනෙකු වෙත අධ්‍යාපනික උපකරණ ලබාදීමට ජනාධිපති අරමුදල පියවර ගෙන ඇති අතර, ඒ සඳහා වැය කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 98 ඉක්මවා ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version