දඹගල්ල පොලිස් වසමේ කොට්ටගල ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි සැකකරුවෙකු ඊයේ (20) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දඹගල්ල පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර, කැණීම් සඳහා ඔහු භාවිතා කළ උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු 51 හැවිරිදි වියේ පසුවන නාමල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version