දැරණියගල ප්‍රදේශයේදී සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 19 වන දින මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, එහිදී අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස ක්‍රියා කරමින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට තුවාල සිදු කර තිබේ. අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබූ අතර, පසුව ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී සැකකරුවන් ලබන මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version