එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව බලධාරීන් පවසයි. දෛනිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් උපයන ඕනෑම සේවා සැපයුම්කරුවෙකු හෝ වෙළෙඳ ආයතනයක් මෙම නව බදු ප්‍රතිපත්තියට යටත් වේ.

මීට පෙර වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60ක් ලෙස පැවතියද, වත්මන් බදු ප්‍රතිසංස්කරණ යටතේ එය රුපියල් මිලියන 36 දක්වා පහත හෙළා ඇත. ඒ අනුව, වාර්ෂිකව මිලියන 36ක පිරිවැටුමක් සපුරන තොග සහ සිල්ලර වෙළෙඳාම් ඇතුළු සියලුම නිෂ්පාදන ආයතන මෙම බදු ක්‍රමවේදය සඳහා ලියාපදිංචි විය යුතුය.

ව්‍යාපාරික ප්‍රජාවට මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු අන්තර්ජාලය ඔස්සේ ඉතා පහසුවෙන් සිදු කරගත හැකිය. ඊට අමතරව, දිවයින පුරා පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් හරහා ද බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

මෙම නව බදු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම යටිතල පහසුකම් මේ වන විටත් සූදානම් කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version