හොර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලින් කිසිදු ආකාරයක බදු මුදලක් හෝ රක්ෂණ ගාස්තුවක් අය කිරීමට ඉරානය අපේක්ෂා නොකරන බවට එම රට විසින් තමන් වෙත සහතික වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය විවිධ අසත්‍ය ප්‍රචාරයන් මගින් කලාපීය වශයෙන් අනවශ්‍ය කලබලකාරී වාතාවරණයක් මතු කිරීමට උත්සාහ දැරුවද, ඉරානය තමන් වෙත ලබා දුන් මෙම සහතිකය තහවුරු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ඉරානය ලබා දී ඇති මෙම තොරතුරු අසත්‍ය බව හෙළි වුවහොත්, දෙරට අතර මේ වන විට පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බවට ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

මේ අතර, අමෙරිකානු පාලනය යටතේ පවතින ඉරානයට අයත් මුදල්වලින් කොටසක් එරට ආහාර හිඟයට විසඳුමක් ලෙස අමෙරිකානු ගොවීන්ගෙන් කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට යොදවන බවද ඔහු පැවසීය. ඒ අනුව, ඉරානයට අවශ්‍ය බඩඉරිඟු, තිරිඟු සහ සෝයා බෝංචි ඇතුළු ආහාර ද්‍රව්‍ය අමෙරිකාව හරහා පමණක් සපයන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version