බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය ‘Welcome’ චිත්‍රපට මාලාවේ තෙවැනි කොටස වන ‘Welcome to the Jungle’ මේ වන විට සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. අහමඩ් ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය 2026 ජූනි 26 දින තිරගත කිරීමට නියමිතය.
මෙම චිත්‍රපටයේ ඇති සුවිශේෂීම කරුණ වන්නේ නළු නිළියන් 30කට අධික පිරිසක් එකම තිරයක දැකගත හැකි වීමයි. ප්‍රධාන චරිතය අක්ෂේ කුමාර් විසින් නිරූපණය කරන අතර, සුනීල් ෂෙට්ටි, පරාශ් රාවල්, ජැකී ෂ්‍රොෆ්, ජොනී ලීවර්, රාජ්පල් යාදව්, ජැකලින් ෆර්නැන්ඩස් සහ දිශා පටානි ඇතුළු ජනප්‍රිය තරු රැසක් මෙයට එක්ව සිටිති.
2000 දශකයේ බොලිවුඩයේ බෙහෙවින් ජනප්‍රිය වූ ‘Ensemble Comedy’ හෙවත් බහුතර තරු සහිත හාස්‍යෝත්පාදක චිත්‍රපට ප්‍රවණතාවය මෙම නිර්මාණය හරහා යළිත් බොලිවුඩය තුළ උද්දීපනය වනු ඇති බව සිනමා විචාරකයෝ පෙන්වා දෙති.
පළමු චිත්‍රපට මාලාවේ සාර්ථකත්වය මෙන්ම මෙම චිත්‍රපටයේ ඇති හාස්‍යමය ස්වභාවය සහ තරු පිරි කතාන්දරය ප්‍රේක්ෂක උනන්දුව ඉහළ නැංවීමට සමත්ව තිබේ. මේ වන විටත් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ඉතා සක්‍රීයව සිදුවෙමින් පවතින අතර, බොලිවුඩ් සිනමාවේ නව පෙරළියක් කිරීමට මෙම නිර්මාණය සමත් වේද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවෙති.
