ජනප්‍රිය ටෙලි නිර්මාණකරුවකු වන බුද්ධික ලොකුකැටියගේ නවතම ටෙලි නාට්‍ය නිර්මාණය වන ‘සෙවණැලි’ හි මුහුරත් උළෙල පසුගියදා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

ගයනි පියදිගමගේ තිර රචනයෙන් සහ අනුර බණ්ඩාරගේ නිෂ්පාදනයෙන් හැඩවෙන මෙම ටෙලි නාට්‍යයේ කතා සංකල්පය චන්න පෙරේරා විසින් ඉදිරිපත් කර ඇත. ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වීම විශේෂත්වයකි.

චන්න පෙරේරා, විශ්වජිත් ගුණතිලක, පබෝදා සංදීපනී, මාදනී මල්වත්තගේ, දසුනි සිනෙත්මා, අප්සරා ගුණතිලක, සරත් ඒකනායක, සමන්ත කුමාර, අසංග පෙරේරා, මේධා ජයරත්න, පවිත්‍රා වික්‍රමසිංහ, නිලන්ති ගුණවර්ධන, ඇන්ටන් කුරේ, ශිරාන් ද සිල්වා, ෂෙහාන් ලොකුකැටිය, අංජන ජයකොඩි, ලක්රුවන් ලොකුහපුආරච්චි, කමල් දිල්ෂාන් සහ පාලිත බී රත්නායක ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් එක්වෙති.

මෙම නිර්මාණය සඳහා කලා අධ්‍යක්ෂණයෙන් සුරාජ් ඉද්දමල්ගොඩ, ප්‍රියන්ත කැකුළුවල සහ අයේෂා බෝධිනායක දායක වන අතර, අංග රචනය ජී. උහන්ඕවිට සහ ඉෂාරා කුලසේකර විසිනි. සංගීත අධ්‍යක්ෂණය රංජිත් ප්‍රේමවීර විසින් සිදුකරනු ලබන අතර සංස්කරණය නාමල් සමරතුංගගෙනි.

සම්පත් නිශාන්ත ප්‍රදීප් සාමසුන්දර සහය අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රසාදී දීපාංජලි දෙවන සහය අධ්‍යක්ෂණයෙන් ද එක්වන ‘සෙවණැලි’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරු ලෙස ප්‍රියන්ත සෙනෙවිරත්න කටයුතු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version