අද (27) අලුයම බහරේන රාජ්‍යය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයන් ඉරානය විසින් දියත් කරන ලද ඒවා බව බහරේන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බහරේන බලධාරීන්, එම ප්‍රහාරය සිය රටේ ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙයි.
එම ප්‍රහාරය සිවිල් වැසියන්ගේ ජීවිත අවදානමේ හෙළන ක්‍රියාවක් බවත්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය කෙරෙහි මෙය බරපතළ තර්ජනයක් බවත් බහරේන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක්වූ නිශ්චිත ස්ථාන හෝ ඉලක්ක පිළිබඳව බහරේන බලධාරීන් මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත. ඩ්‍රෝන යානා තම භූමි ප්‍රදේශය ඉලක්ක කර පැමිණි බව පමණක් ඔවුන් තහවුරු කර තිබේ.
