ග්‍රහලොව පණ්ඩිතයා ලෙස සැලකෙන බුධ ග්‍රහයා පසුගිය දිනක තමාගේ සතුරු රාශියක් වන කටක රාශියට පිවිසියේය. දින 16ක කාලයක් මෙම රාශියේ රැඳී සිටින බුධ ග්‍රහයාගේ මෙම ගෝචරය ලොව පුරා විවිධ වෙනස්කම් රැසකට මඟ පාදන බව ජ්‍යොතිෂවේදීන් පෙන්වා දෙයි.
මෙම කාලසීමාව තුළ බුද්ධිමය කටයුතුවල නිරත වන අය, මාධ්‍යවේදීන් සහ සිසු දරුවන් වඩාත් සැලකිලිමත් විය යුතුය. බුධගේ මෙම ගමන් මග ජල රාශියක් ඔස්සේ සිදුවන බැවින් ඉදිරි දිනවලදී බොහෝ ප්‍රදේශවලට වැසි ලැබීමේ හැකියාව පවතින අතර, කෘෂිකාර්මික හා සෞඛ්‍ය අංශවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ද මතු විය හැකි බව ජ්‍යොතිෂ වාර්තා පෙන්වා දෙයි.
ජාතික මට්ටමින් ගත් කල, භාණ්ඩ මිල ඉහළ යාම සහ විදුලිය හෝ ඉන්ධන සම්බන්ධ ගැටලු ඇති වීමේ ඉඩකඩ පවතී. එසේම, කුඩා දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වන අතර, අනතුරුදායක තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට කල්පනාකාරී වීම ඉතා වැදගත් වේ.
මෙම ග්‍රහ මාරුව මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා සියලු ලග්න හිමියන්ට විවිධ ප්‍රතිඵල ගෙන දෙයි. ඇතැම් ලග්න හිමියන්ට රැකියා දියුණුව සහ ධන ලාභ හිමිවන අතර, තවත් පිරිසකට සෞඛ්‍ය ගැටලු හෝ අනපේක්ෂිත වියදම් දැරීමට සිදුවිය හැකිය. තම තමන්ගේ ලග්නයට අනුව උදාවන මෙම තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම මඟින් අශුභ ප්‍රතිඵල අවම කරගත හැකිය.
