ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල සීෂෙල්ස් සංචාරය අතරතුර ලොව වයස්ගතම ජීවී භූමි සත්වයා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව ඇති ‘ජොනතන්’ නමැති දැවැන්ත කැස්බෑවා හමුවීමට සූදානමින් පසුවේ. 1832 වසරේ උපත ලැබූ බවට සැලකෙන මෙම කැස්බෑවා මේ වන විට 194 වැනි වියේ පසුවෙයි.
වයස්ගත වීමේ ලක්ෂණ පෙන්නුම් කළද, පශු වෛද්‍යවරුන්ගේ විශේෂ අධීක්ෂණය යටතේ ජොනතන් තවමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම විශේෂත්වයකි. විද්‍යාඥයින් දිගු ආයු කාලය පිළිබඳ පර්යේෂණ සඳහා මොහු වෙත දැඩි අවධානයක් යොමු කර ඇත.
මීට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සීෂෙල්ස් ජාතික උද්භිද උද්‍යානයේදී වෘක්ෂ රෝපණ වැඩසටහනකට එක්වීමට නියමිතය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය සැමරීම සඳහා පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසද ඔහු සහභාගී වනු ඇත.
සීෂෙල්ස් ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී සාගර ආරක්ෂාව, දේශගුණික විපර්යාස සහ ආරක්ෂක සහයෝගීතාව වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය. මෙම සංචාරය ඉන්දු-මහසාගර කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
