Business World International Organization (BWIO) විසින් සංවිධානය කළ 2026 වසරේ සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකාවේ මෝටර් රථ Detailing හා Protection ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන ‘The Pink Auto Shop’ පෞද්ගලික සමාගම “Most Famous Detailing Shop of the Year” සම්මානයෙන් පිදුම් ලැබීය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය ඇගැයීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය.

2018 වසරේදී සිය මෙහෙයුම් ආරම්භ කළ මෙම ආයතනය, ශ්‍රී ලංකාවේ මෝටර් රථ නඩත්තු සේවා ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සේවාවන් පාරිභෝගිකයන් වෙත ලබා දෙයි. විශේෂයෙන්ම Ceramic Coating, Tint, සහ PPF වැනි ආරක්ෂිත සේවාවන් සඳහා ඔවුන් දේශීය වෙළෙඳපොළ තුළ ඉහළ ප්‍රසාදයක් දිනාගෙන ඇත.

ජාත්‍යන්තර මට්ටමේ සන්නාමයන් වන RUPES, Gtechniq සහ STEK වැනි ආයතන සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් පවත්වා ගන්නා මෙම සමාගම, ISO සහතික ලත් ආයතනයක් ලෙස සිය සේවාවන් පවත්වාගෙන යයි. එමෙන්ම, ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ‘The Pink Academy’ හරහා NVQ Level 4 මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලා ද ඔවුන් විසින් පවත්වනු ලබයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කාවින්ද පෙරේරා මහතා සඳහන් කළේ, මෙය තම කාර්ය මණ්ඩලයේ කැපවීම සහ වෘත්තීයභාවය වෙනුවෙන් ලැබුණු පිළිගැනීමක් බවයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ Detailing ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ මට්ටමකට ඔසවා තැබීම සිය අරමුණ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version