ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “කොළඹටත් පොසොන්” ජාතික බාලදක්ෂ පොසොන් කලාපය මේ වන විට කොළඹ නගරයේදී සාර්ථකව පැවැත්වේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණු මෙම වැඩසටහන, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වේ.
මෙම පොසොන් කලාපය ලේක්හවුස් වටරවුමේ සිට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථාන වටරවුම දක්වා වූ ප්‍රදේශය ආවරණය වන පරිදි විහිදී පවතී. චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයද මෙයට ඇතුළත් වේ.
පොසොන් උත්සවය වෙනුවෙන් ඉදිකර ඇති තොරණ සහ විවිධ දන්සල් නැරඹීම සඳහා මහජනතාවට අද (29) රාත්‍රී 6.00 සිට අලුයම 1.00 දක්වා අවස්ථාව උදාවී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන හරහා සමාජීය හා ආගමික වටිනාකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කෙරේ.
මෙම අවස්ථාවට බාලදක්ෂ සංගමයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන ජනතාවට සහ දන්සල් සංවිධානය කරන පාර්ශ්වයන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මගින්ද මීට පෙර දැනුම් දී තිබුණි.
