පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පූජා නගරයට පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට සිය වන්දනා කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකර ගැනීමට අවස්ථාව සලසමින්, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නව ඩිජිටල් මගපෙන්වීමක් දියත් කර ඇත.

මෙම වැඩසටහන යටතේ හඳුන්වා දී ඇති ‘posonvandana’ ජංගම දුරකථන යෙදවුම (posonvandana.lk) හරහා සැදැහැවතුන්ට වාහන නැවතුම් ස්ථාන, දන්සැල් පිහිටි ස්ථාන සහ තවත් අත්‍යවශ්‍ය තොරතුරු රැසක් පහසුවෙන් දැනගත හැකිය.

පූජා නගරයේ පිරිසිදුකම ආරක්ෂා කර ගැනීම සඳහා බැතිමතුන්ගේ සහය අපේක්ෂා කරන බව පොසොන් කමිටුව සඳහන් කරයි. ඒ අනුව, දිරන සහ නොදිරන කසළ ක්‍රමවත් ලෙස බැහැර කිරීම සඳහා කසළ මළු බෙදාදීමේ වැඩසටහනක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

මේ අතර, පොසොන් සතිය පුරා අනුරාධපුර කලාපයේ දන්සැල් සහ තාවකාලික වෙළඳසැල් දැඩි පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ, දන්සැල්වලදී ආහාර පාන ලබාදීමේදී ප්ලාස්ටික් භාවිතයෙන් වැළකී සිටීම සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට සහාය වීම අත්‍යවශ්‍ය බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version