ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වසරේ ඇසළ මහා පෙරහර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ පෙරහර කමිටු රැස්වීමක් පසුගියදා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම රැස්වීම රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවැත්විණි.

පෙරහර මංගල්‍යය ඉතා සාමකාමීව සහ සාර්ථකව පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධාන රැසක නියෝජිතයන් එකඟතාව පළ කළහ.

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා, කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතා සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version