තමන්ගේ වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසත්, වී තොග මිලදී ගැනීමේදී පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දෙන ලෙසත් බලකරමින් ගොවීන් පිරිසක් විරෝධතාවක නිරත වෙති.
මෙම විරෝධතාව හේතුවෙන් රඹෑව මංසන්දිය ආශ්‍රිතව A9 මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
ඒකාබද්ධ ගොවි සංවිධානයේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති අතර, මහ කනදරාව මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන රැසක් ඊට එක්ව සිටිති.
වී අලෙවිකරණයේදී සහ අස්වනු අලෙවියේදී තමන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීම මෙම විරෝධතාවේ අරමුණ බව ගොවීන් පවසති.
