ශ්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ‘ඇසිදිසි ජනමාධ්‍ය’ සහ ‘ඇසිදිසි – තාක්ෂණික’ ශිෂ්‍යත්ව වැඩසටහන් 2026 වසර සඳහා ආරම්භ කර ඇත.

මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන මාධ්‍යවේදීන් අවම වශයෙන් වසර දෙකක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර, ඔවුන්ගේ වයස අවුරුදු 18ත් 55ත් අතර විය යුතුය. මීට අමතරව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන 2025/2026 වලංගු මාධ්‍යවේදී හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය වේ.

ශිෂ්‍යත්ව යටතේ ආචාර්ය උපාධි සඳහා රුපියල් 700,000ක් දක්වාත්, ශාස්ත්‍රපති සහ සාමාන්‍ය උපාධි සඳහා රුපියල් 350,000ක් දක්වාත් මූල්‍ය ආධාර පිරිනැමේ. පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා රුපියල් 200,000ක උපරිම මුදලක් හිමිවේ.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 ජූලි 10 වනදා වේ. තේරීම් කමිටුවක් මගින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලත් මාධ්‍යවේදීන් තෝරාගනු ලබන අතර, වැඩිදුර තොරතුරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් හෝ 011 2513 645 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version