හෝම් ලෑන්ඩ්ස් සමූහයේ නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘Central Park Boulevard Port City Colombo’ හි ඉදිකිරීම් කටයුතු පසුගියදා උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. කොළඹ වරාය නගරයේදී පැවති මෙම උත්සවයේදී සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ව්‍යාපෘතියේ මුල්ගල තැබීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට හෝම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ නලින් හේරත් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගී වූහ. ද්විත්ව කුළුණු ආකෘතියකින් සමන්විත මෙම නිවාස සංකීර්ණය වරාය නගරයේ වඩාත් ආකර්ෂණීය ගොඩනැගිල්ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාස 40ක කාලයක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා දිවා රෑ නොබලා අඛණ්ඩව වැඩ කටයුතු සිදු කිරීමට නියමිතය. හෝම් ලෑන්ඩ්ස් සමූහයට අයත් ‘Heyraa Constructions’ සමාගම මගින් මෙම ඉදිකිරීම් සිදු කරනු ලබයි.
ලෝක ප්‍රකට විලාසිතා සන්නාමයක ආභාෂය සහිතව ඉදිවන මෙම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය, උසස් ජීවන රටාවකට අවශ්‍ය සියලු නවීන පහසුකම්වලින් සමන්විත වනු ඇත. දැනටමත් නිවාස ඒකක 3750කට අධික සංඛ්‍යාවක් සාර්ථකව නිම කර හිමිකරුවන් වෙත භාරදී ඇති සිය ඉදිකිරීම් අත්දැකීම් ඔස්සේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සමාගම අපේක්ෂා කරයි.
