පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයට සමගාමීව සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම උතුම් ක්‍රියාවලිය පසුගිය ජූනි 27 වන දින නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
නැගෙනහිර නාවික ආඥාපතිතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සහ වවුනියාව මහ රෝහලේ ලේ බැංකු කාර්ය මණ්ඩලයේ සහයෝගය හිමි විය.
ජීවිතාරක්ෂක රුධිර සංචිතයන් නැවත පිරවීම අරමුණු කරගනිමින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රුධිරය පරිත්‍යාග කළහ.
නාවික හමුදාව නිරන්තරයෙන්ම මෙවැනි සමාජ සත්කාරක කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙමින් ජාතික වගකීමක් ඉටු කිරීමට කැපවී සිටියි.
