ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේ උසස් පෙළ විභාගයට අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කර ඇත.
සිසුන්ට එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකිය.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව හා සම්බන්ධ විය හැකිය.
ඒ සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 27 84 208, 011 27 84 537 සහ 011 27 85 922 යන දුරකථන අංක ඔස්සේ විමසීම් සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
