DIMO Agri Machinery විසින් ක්‍රියාත්මක කළ ‘LOVOL හාවස්ටර් පංච මහා නිධානය’ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථකව අවසන් කරමින්, ජයග්‍රාහී පාරිභෝගිකයන් පස් දෙනෙකු වෙත DIMO Batta වාහන පිරිනැමීමට කටයුතු යොදා තිබුණි.

2025 ඔක්තෝබර් 1 වන දින සිට 2026 මාර්තු 31 වන දින දක්වා වූ මහ කන්නය තුළ LOVOL හාවස්ටර් යන්ත්‍ර මිලදී ගත් පාරිභෝගිකයන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබූහ. පසුගිය මැයි මස 25 වන දින පැවති දිනුම් ඇදීමෙන් අනතුරුව, ජයග්‍රාහකයන්ගේ නිවෙස් වෙතම ගොස් වාහන භාරදීම ජූනි මස මුල් සතියේදී සිදු කෙරිණි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ, දේශීය කෘෂිකාර්මික ප්‍රජාවට නවීන තාක්ෂණය සහ විශ්වාසනීය යන්ත්‍රෝපකරණ ලබා දීම සඳහා සමාගම නිරන්තරයෙන් කැපවන බවයි. ගොවීන්ගේ ඵලදායීතාව ඉහළ නැංවීමට LOVOL හාවස්ටර් යන්ත්‍ර දක්වන දායකත්වය මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.

පොතුහැර, එප්පාවල, බිබිල, බුත්තල සහ ගෝමරන්කඩවල යන ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයන් පස් දෙනෙකු මෙවර දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය ලැබූහ. ඔවුන් වෙත වාහන පිරිනැමීම DIMO Agri Machinery හි බලයලත් අලෙවි නියෝජිත ජාලයේ සහයෝගය ඇතිව සිදු කරන ලදී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version