නුවරඑළිය බස් නැවතුම්පොළ ආසන්නයේදී අද (08) පෞද්ගලික බස් රථයක් තලගල ඔයට පෙරළී අනතුරට ලක්ව ඇත.

මෙම බස් රථය නුවරඑළියේ සිට ශාන්තිපුර දක්වා ධාවනය වන එකක් වන අතර, රථය ගාල් කිරීමට උත්සාහ කිරීමේදී රියදුරුට එය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ සිට ඇත්තේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් බව නුවරඑළිය පොලීසිය පවසයි.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version