සෞදි අරාබියේ පැරණිතම සහ වඩාත්ම බලපෑම් සහගත මාධ්‍ය ආයතනයක් වන ‘අරාබ් නිව්ස්’ (Arab News) පුවත්පත, සිය මාර්ගගත පුවත් සේවාව සිංහල භාෂාවෙන් ද ලබා දීමට පියවර ගෙන ඇත. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව සේවාව නිල වශයෙන් දියත් කෙරිණි.

මෙම පියවර ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින මාධ්‍ය සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමෙහිලා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. විශේෂයෙන්ම සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට සිංහල භාෂාවෙන් තොරතුරු දැන ගැනීමට අපේක්ෂා කරන පාඨකයන්ට මෙය විශාල පහසුවක් වනු ඇත.

තානාපති අමීර් අජ්වාඩ් මහතා සඳහන් කළේ, අරාබ් නිව්ස් පුවත්පතේ භාෂා 50ක් අතරට සිංහල භාෂාව ද ඇතුළත් කිරීම දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට හේතු වනු ඇති බවයි.

මෙම සේවාව ලබා ගැනීම සඳහා පාඨකයන්ට arabnews.com වෙබ් අඩවියට පිවිස නොමිලේ ලියාපදිංචි විය හැකිය. ඉන් අනතුරුව, ‘Language Preferences’ කොටස වෙත ගොස් ‘සිංහල’ භාෂාව තෝරා ගැනීමෙන් පුවත්පත් අන්තර්ගතයන් සිංහලෙන් කියවීමේ අවස්ථාව හිමි වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version