පවතින දැඩි දේශගුණික විපර්යාස හේතුවෙන් ජර්මනිය ඇතුළු යුරෝපීය කලාපය දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයකට මුහුණ දී සිටී. ජර්මනියේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ආයතනය වන රොබට් කොච් ආයතනය (RKI) නිවේදනය කරන්නේ, මේ වසරේ මේ දක්වා කාලය තුළ තාපය ආශ්‍රිත මරණ 5,120ක් වාර්තා වී ඇති බවයි.

මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් පසුගිය ජුනි මාසයේ යුරෝපය පුරා පැතිර ගිය දරුණු තාප තරංගය හේතුවෙන් සිදුවූ ඒවා බව වාර්තා වේ. මියගිය අයගෙන් 4,270ක් පමණ වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයින් වීම විශේෂත්වයකි. ජුනි මස අග භාගයේදී ජර්මනියේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගියේය.

යුරෝපීය රටවල බොහෝ ගොඩනැගිලි සහ රෝහල් මෙවැනි ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර නොතිබීම සහ වායු සමීකරණ පහසුකම් නොමැති වීම මෙම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ජර්මනියට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවලින් ද විශාල වශයෙන් මරණ වාර්තා වී ඇත.

කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය පෙන්වා දෙන්නේ මෙය වාර්තාගත උණුසුම්ම ජුනි මාසය බවයි. පොසිල ඉන්ධන දහනය හේතුවෙන් ඇති වූ දේශගුණික විපර්යාස මගින් නිර්මාණය වූ ‘තාප ගෝලාකාර’ (Heat dome) තත්ත්වය නිසා මෙවැනි මාරාන්තික තාප තරංග ඉදිරියේදීත් ඇතිවිය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version