ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදුවූ පන්දුවාර ප්‍රමාදයක් හේතුවෙන් කොදෙව් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දඬුවම් පැනවීමට පියවර ගෙන ඇත.

තරගයේදී නියමිත කාලය තුළ යොමු කළ යුතු පන්දුවාර සංඛ්‍යාවට වඩා පන්දුවාර දෙකක් අඩුවෙන් යොමු කිරීම මෙම දඬුවමට හේතුවී තිබේ. තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් මහතා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, කොදෙව් කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පැනවීමට තීරණය කර ඇති අතර, අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ලකුණු 2ක් කපා හැරීමට ද පියවර ගෙන තිබේ. අයි.සී.සී. රීති අනුව එක් පන්දුවාරයක් ප්‍රමාද වන සෑම අවස්ථාවකදීම තරග ගාස්තුවෙන් 5%ක දඩයක් සහ ලෝක ටෙස්ට් ශූරතා ලකුණක් බැගින් කපා හරිනු ලබයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කොදෙව් නායක රොස්ටන් චේස් සිය වරද පිළිගෙන ඇති අතර, පැනවූ දඬුවමට එකඟත්වය පළ කර ඇත. ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමක් සිදු නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් නිවේදනය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version