ජිනීවාහි පිහිටි ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) මූලස්ථානයේදී පැවති 68 වන සාමාජික රාජ්‍යයන්ගේ සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති සුමිත් දසනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය, වෙළඳාම සහ තාක්ෂණික හුවමාරුව සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ප්‍රධාන සාධකයක් බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කාන්තාවන්, තරුණ පරපුර සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සවිබල ගැන්වීම තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගත හැකි බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

WIPO සහ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) අතර පවතින ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම සහ ශ්‍රී ලංකාවේ ජාතික වෙළඳ නාම එකතුව WIPO හි ගෝලීය දත්ත පද්ධතියට ඇතුළත් කිරීම දේශීය වෙළඳ නාමවල ජාත්‍යන්තර පිළිගැනීම ඉහළ නැංවීමට හේතු වී ඇත.

භූගෝලීය දර්ශක ප්‍රවර්ධනය කිරීම, ප්‍රකාශන හිමිකම් රාමුව ශක්තිමත් කිරීම සහ විශ්වවිද්‍යාල හා කර්මාන්ත අතර සහයෝගීතාව වර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ ඉදිරි ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සමුළුව සඳහා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හිමාලි හෙට්ටිහෙළගේ මහත්මිය ද සහභාගී වූවාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version