ලිඳුල පොලිස් වසමේ අග්‍රා ඔයේ දිය නෑමට ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව ලිඳුල පොලීසිය පවසයි.
අතුරුදන් වූ සිසුවා ලිඳුල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු තම මිතුරන් කිහිපදෙනෙකු සමඟ මාළු ටැංකියකට අවශ්‍ය ගල් එකතු කිරීම සඳහා අග්‍රා ඔය අසලට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම අවස්ථාවේදී අහඹු ලෙස ඔයට වැටීමෙන් සිසුවා දියේ ගිලී අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, නුවරඑළිය පොලිස් නාවික කොට්ඨාසය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ සිසුවා සොයා මෙහෙයුම් සිදුකරමින් පවතී.
