2026 වර්ෂය සඳහා වන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය අද (15) දින ආරම්භ කෙරේ. ඒ අනුව, උත්සවයේ පළමු පෙරහර අද රාත්‍රී කාලයේදී වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය දින 15ක් පුරාවට පැවැත්වෙන අතර, ඒ සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මෙම මස 29 වැනි දින පවත්වා, ඊට පසුදින උදෑසන මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කිරීමෙන් අනතුරුව උත්සවය නිමාවට පත් වනු ඇත.
