හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් මිලියන 27.5ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව, සැකකරු හඟුරන්කෙත ප්‍රදේශයේදී ඊයේ (14) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 58 හැවිරිදි සැකකරු අද (15) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version