පළාත් පාලන ආයතන මැතිවරණවලට ඉදිරිපත්ව නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ලෙස තේරී පත්වන දේශපාලන අයිතිවාසිකම් සහිත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් නව නිවාඩු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
මීට පෙර පැවති රෙගුලාසිවලට අනුව මෙම නිලධාරීන්ට මසකට දින 06ක වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව තිබුණි. කෙසේ වෙතත්, නව සංශෝධනය සමඟින් ඔවුන්ට තම අභිමතය පරිදි එම වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමට හෝ ධුර කාලය තුළ වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව මෙම සංශෝධනය සිදු කර ඇති අතර, ඒ සඳහා ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයේ 2:3:4 උප වගන්තිය සංශෝධනය කරමින් 2:3:4:1 ලෙස නව උප වගන්තියක් ඇතුළත් කර ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම නව විධිවිධාන සම්බන්ධයෙන් වන චක්‍රලේඛ සංශෝධනය ප්‍රකාශයට පත් කර තිබේ.
