භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඊයේ (16) බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ජූලි 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ ද වේ. මීට අමතරව, මෙම අපරාධයට සහාය ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු සහ මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ද මෙම පිරිස අතරට අයත් වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version