ලොව පුරා වර්ධනය වෙමින් පවතින එල්නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය අපේක්ෂා කළ කාලසීමාවට වඩා ඉක්මනින් එහි උච්චතම අවස්ථාවට ළඟා විය හැකි බවට සෞඛ්‍ය සහ පාරිසරික අංශ අනතුරු අඟවයි.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේ, එළඹෙන නොවැම්බර් මාසය වන විට එල්නිනෝ බලපෑම උපරිම මට්ටමකට පැමිණිය හැකි බවයි.

එමෙන්ම, ඉදිරි ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් තුළ ශ්‍රී ලංකාවට දැඩි වියළි කාලගුණික තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම් පිළිබඳව ජනතාව විමසිලිමත් විය යුතු බව බලධාරීන් අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version