කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 30 සහ 31 යන දෙදින තුළ මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම කාලසීමාව තුළ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි සියලුම කලාපීය, දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් දත්ත පද්ධතිය සහ ඩිජිටල් EPF පද්ධතිය ආශ්‍රිත සේවාවන් තාවකාලිකව ඇනහිටිනු ඇත.

එම දින දෙක තුළ ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් වැනි මහජන සේවාවන් සිදු නොවන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම දින දෙක සඳහා මීට පෙර වේලාවන් වෙන් කරගෙන සිටි පුද්ගලයින්ට ඉදිරි මාසයක කාලයක් තුළ ඕනෑම කාර්යාල දිනයක අදාළ කාර්යාලය වෙත පැමිණ සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version