ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරදී පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමේ තරගයට එක්වූ සුපුන් සෝමතිලක පදක්කමක් අහිමි කර ගනිමින් සිව්වන ස්ථානයට පත්විය.
කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ තරග වැදුණු සුපුන් සෝමතිලක එම තරගයේදී එසවූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 244ක් ලෙස සටහන් විය.
මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කෙන්යානු ක්‍රීඩකයා සමත් වූයේ කිලෝග්‍රෑම් 260ක බරක් එසවීමෙනි. එය සුපුන් එසවූ බරට වඩා කිලෝග්‍රෑම් 16ක වැඩි බරකි.
මෙම තරග ඉසව්වේ රන් පදක්කම නව තරග වාර්තාවක් සමඟින් කිලෝග්‍රෑම් 273ක් එසවූ මැලේසියානු ක්‍රීඩකයා විසින් හිමිකර ගනු ලැබීය. ඉන්දීය ක්‍රීඩකයා කිලෝග්‍රෑම් 264ක බරක් එසවමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
