දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

මෙම නව සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (27) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි පවතින විධිවිධාන කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව වාර්තා වේ. දූෂණ මර්දන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම මෙම සංශෝධනවල අරමුණ වී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version