විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම දක්ෂතා සහ නායකත්ව ගුණාංග විදහා දක්වමින් කැපී පෙනෙන කාන්තාවන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘ඇයයි දිරි අබිමන් – 2026’ කාන්තා සම්මාන උළෙල පසුගියදා අතිසාර්ථකව පැවැත්විණි.
Veenavee Events & Management ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී වීණා කුමාරි මහත්මියගේ සංකල්පයකට අනුව මෙම උළෙල සංවිධානය කර තිබුණි.
මෙම සම්මාන උළෙලේදී මාධ්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටතා දැක්වූ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදිනියන් තිදෙනෙකු සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක් විය.
ඒ අනුව, හොඳම ඩිජිටල් මාධ්‍ය නිවේදිකාව ලෙස හසිනි ඒකනායක මහත්මිය සම්මාන ලැබූ අතර, හොඳම සංස්කෘතික වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් පමදා සපුතන්ත්‍රි මහත්මිය සම්මානයට පාත්‍ර විය. මීට අමතරව, හොඳම රූපවාහිනී ඉදිරිපත් කිරීම සඳහා වන සම්මානය චලනි සිරිවර්ධන මහත්මිය විසින් හිමිකර ගනු ලැබීය.
