හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 40ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 187ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 37.2කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය. ඒ අනුව තරග 3කින් සමන්විත වූ මෙම තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 71ක් සහ හසිනි පෙරේරා නොදැවී ලකුණු 50ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළහ.
