නිරිතදිග ජපානයේ කියුෂු දූපත කේන්ද්‍ර කරගනිමින් සිදුවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 28 වනදා පස්වරුවේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, එය රික්ටර් මාපකයේ 7.1ක අගයක් සටහන් කර තිබේ. කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කියුෂු දූපතේ කුමමොටෝ ප්‍රදේශයටය.
භූමිකම්පාවෙන් පසුව අතුරුදහන් වූවන් සොයා සහ අවතැන් වූවන්ට සහන සැලසීම සඳහා පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විටත් ආපදා සිදුවූ ස්ථානවල සෝදිසි කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වේ.
ප්‍රබල කම්පනය හේතුවෙන් දේපළ හානි රැසක් සිදුව ඇති බවත්, බලධාරීන් විසින් ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇති බවත් සඳහන් වේ.
