ගොවිඳුපුර පොලිස් වසමේ ජයන්ති වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි. ඊයේ (31) සවස මෙම සිදුවීම වාර්තා වී තිබේ.

අතුරුදන් වූ පුද්ගලයා බුද්ධම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි. ඔහු මී ගවයින් බලාගන්නා රැකියාවේ නිරතව සිටි අයෙකු බව හඳුනාගෙන ඇත.

මී ගව පට්ටිය වැවේ අනෙක් පසට ගමන් කිරීමේදී, ඔහු වැව හරහා පිහිනා යාමට උත්සාහ කර ඇති අතර එහිදී මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගොවිඳුපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version