අධික වර්ෂාවත් සමඟ හැටන් ඔය පිටාර ගැලීමෙන් ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්රදේශයේ වතු ආශ්රිත නිවාස පේළියක් ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්විය.
මෙම හදිසි තත්ත්වය සැලවීමත් සමඟ වහාම ක්රියාත්මක වූ 56 වන පාබල සේනාංක මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් එම ප්රදේශයට ගොස් සහන මෙහෙයුම් දියත් කළහ.
එම මෙහෙයුම්වල ප්රතිඵලයක් ලෙස ගංවතුර තත්ත්වය හේතුවෙන් තම නිවාසවල සිරවී සිටි පවුල් 24කට අයත් පිරිස ආරක්ෂිතව ඉවත් කර ගැනීමට හමුදාව සමත් විය.
ස්වාභාවික ආපදා අවස්ථාවලදී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්රී ලංකා යුද හමුදාව අඛණ්ඩව සිය දායකත්වය ලබා දෙමින් සිටී.
