ලෝකයේ බොහෝ ප්‍රදේශවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ මේ වන විට විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙක් සංචාරය සඳහා චීනය තෝරාගෙන තිබේ. මෙම තත්ත්වයත් සමඟ ගෝලීය සමාජ මාධ්‍ය ජාලා තුළ චීනයේ සංචාරය කිරීමේ ප්‍රවණතාවයක් ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.

ලෝකයේ සෙසු ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගොස් තිබියදී, චීනයේ ප්‍රදේශ රැසකම සෞම්‍ය හා සිසිල් කාලගුණයක් පැවතීම මෙලෙස විදෙස් සංචාරකයින් ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. මීට අමතරව, චීනය විසින් ක්‍රියාත්මක කරන ලද නිදහස් වීසා ප්‍රවේශ පහසුකම් පුළුල් කිරීම සහ බදු ආපසු ලබා ගැනීමේ සේවාවන් සරල කිරීම සංචාරකයින්ට විශාල පහසුවක් වී තිබේ.

නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ මුසු වූ නවාතැන්, ප්‍රවාහන සහ සාප්පු සවාරි අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව ලැබී ඇත. මේ හරහා ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ චීනය ප්‍රමුඛ පෙළේ ගමනාන්තයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version