දකුණු දිග රුසියාවේ සංචාරකයින් බහුලව ගැවසෙන වෙරළ ප්‍රදේශයකට යුක්රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර කුඩා දරුවන් තිදෙනෙකු ද සිටින බව තහවුරු වී තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 17 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති.
ක්‍රස්නෝඩර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ, යුක්රේනය විසින් හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
