පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

සභා රැස්වීම ආරම්භයේ සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන කටයුතු සඳහා වෙන් කර ඇත. ඉන් අනතුරුව පෙරවරු 10.00 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීම සඳහා කාලය වෙන් කර තිබේ.

පෙරවරු 10.30 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇත.

අද දින පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්යය ලෙස පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් පිළිබඳ විවාදය පැවැත්වේ. ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් ගෙවීම සම්බන්ධයෙන් සිදුවූ බව කියන සයිබර් අපරාධ වංචාව පිළිබඳ මෙම වාර්තාවේ කරුණු ඇතුළත් වේ.

මෙම විවාදය විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව අද දින දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version