ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ශ්‍රී පාද කඳු මුදුනේ ගල් පර්වතයේ තිබූ ශාක කොටස් සහ පස් කඳු ශ්‍රී පාද මාර්ගයට කඩා වැටී ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි.

මීට පෙරද පස් කඳු කඩා වැටුණු ඇහැල කණුව ආසන්නයේම මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර, ඒ හේතුවෙන් ශ්‍රී පාද මළුවට පිවිසෙන පියගැටපෙළ අවහිර වී තිබේ.

මේ දිනවල ශ්‍රී පාද අවාරය වුවද, වන්දනාකරුවන් සහ සංචාරකයන් එම මාර්ගයේ ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් සිටිය යුතු බව පොලීසිය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ශ්‍රී පාද මළුව දක්වා ගමන් කිරීමට අපේක්ෂා කරන දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටු පහණ හරහා රත්නපුර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අවස්ථාව පවතින බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. නිරෝෂන් මහතා සඳහන් කළේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය පහව ගිය වහාම මාර්ගයට වැටී ඇති පස් සහ ශාක කොටස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version