පසුගිය වසරේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ගල්නෑව ප්‍රදේශයේ පවුල් 16කගේ නිවාස පූර්ණ වශයෙන් විනාශ විය. එම පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන යටතේ, මේ වන විට වැඩ අවසන් කළ තුන්වන නිවස අදාළ පවුල වෙත භාරදීම සිදු කෙරිණි.

උස්ගල මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි සුමනදාස මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත මෙම නව නිවස භාරදීම සිදු වූයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් ජී.එම්.කේ.ආර්. ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙනි.

රුපියල් මිලියන 5ක මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් ඉදිකර ඇති මෙම නිවස සියලු පහසුකම්වලින් සමන්විත වේ. නිවාස භාරදීමේ අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version