ASUS සමාගම විසින් සිය නවතම ප්‍රමුඛතම පරිගණක මාදිලිය වන ‘ExpertBook Ultra’ ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම කාර්යක්ෂමතාව සහ නවීන තාක්ෂණය අපේක්ෂා කරන ආයතනික ප්‍රධානීන් ඉලක්ක කරමින් මෙම පරිගණකය නිර්මාණය කර තිබේ.
මෙම නවතම ලැප්ටොප් පරිගණකය අතිශය සැහැල්ලු නිමාවකින් යුක්ත වන අතර, එහි බර කිලෝග්‍රෑම් 0.99ක් පමණි. ගුවන්යානා සහ මෝටර් රථ තරග සඳහා භාවිත කරන විශේෂිත මැග්නීසියම්-ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් මෙය නිපදවා ඇති අතර, 10.9mmක සිහින් හැඩයකින් සමන්විත වීම විශේෂත්වයකි.
Intel® Core™ Ultra Series 3 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන මෙම පරිගණකය, උසස් NPU තාක්ෂණය සහ ASUS ExpertCool Pro පාලන පද්ධතිය හරහා ඉහළ කාර්ය සාධනයක් ලබා දෙයි. මීට අමතරව, අඟල් 14ක 3K 120Hz Tandem OLED තිරයක් සහ දවස පුරා පවතින බැටරි බලයක් මෙහි අන්තර්ගත වේ.
ව්‍යාපාරික කටයුතු වඩාත් පහසු කිරීම සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ASUS ExpertMeet, ශබ්ද අවහිරතා ඉවත් කිරීමේ (Noise Cancellation) පහසුකම් සහ කැමරා තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසක් ද මෙයට ඇතුළත් කර ඇත.
ප්‍රධාන මාදිලියට අමතරව, ආයතනික අවශ්‍යතා අනුව තෝරාගත හැකි ExpertBook B සහ P ශ්‍රේණිවල නව මාදිලි කිහිපයක් ද ASUS විසින් මෙරට වෙළඳපොළට එක් කර තිබේ. මෙම සියලුම පරිගණක ‘ASUS Worry-Free Business Experience’ සංකල්පය යටතේ දත්ත ආරක්ෂාව සහ මිලිටරි මට්ටමේ ශක්තිමත්භාවය සහතික කරමින් වෙළඳපොළට නිකුත් කර ඇත.
