‘එක්ව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු’ යන තේමාව යටතේ මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන දියත් කර ඇති අතර, ඒ හරහා රටේ පාරිසරික සුන්දරත්වය සහ සෞඛ්‍යාරක්ෂිත බව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

දිවයිනේ සියලුම ප්‍රදේශවල ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට බලධාරීන් පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version